විශේෂ කාර්ය බලකාය සහ පොලිසියේ මැතිවරණ රාජකාරීවලට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබ සිටින අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල අද (15) අධිකරණය භාරවන බව වාර්තා පළවුවද අද දිනද ඉදිරිපත් නොවීය.
අගෝස්තු 19 වන දින පොලිසියට මෙම තර්ජනය සිදු කර ඇති අතර ඊට සම්බන්ධ වූ දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස එදිනම
අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදා හැර සිටින අතර ඒ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු
වශයෙන් දිවුරුම් දීම පවා කර නොතිබුණු දුෂ්මන්ත මිත්‍රපාල මේ වනවිට අධිකරණ නියෝජ්‍ය ඇමති වශයෙන් දිවුරුම් දී සිටී.
Views: 0









