මහින්ද පිල මෛත්‍රී හමුවෙයි

හවුල් ආණ්ඩුවට සම්බන්ධ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (15) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව පැවසේ.

මෙම කණ්ඩායමට ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 36 දෙනෙකු ඇතුළත් වන බවත් එම පිරිස ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. එම පිරිසට අමතරව සන්ධානය නියෝජනය කරන අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් 11 දෙනෙකුද  මෙම කණ්ඩායම හා එක්වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් ප්‍රකාශ කර තිබුණේ පක්ෂ තීන්දුවලට එරෙහිව කටයුතු කරන සියලු දෙනාගේම සංවිධායක තනතුරු හා පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රිලනිපයේ එම තීරණයත් සමග විපක්ෂයේ අසුන් ගන්නා කණ්ඩායම වෙනත් පෙරමුණක් හෝ වෙනම පක්ෂයක් ගොඩනැගීමට තිබූ සූදානම මේ වනවිට වෙනස් වී ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn