ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා අද (15) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී චාමර සම්පත් දසනායක මහතා මනාප 64418ක් ලබා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සන්ධාන ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වුවද එම මන්ත්‍රී ධූරය අත්හැර ඌවේ මහ ඇමති ධූරය භාරගෙන තිබේ.
මෙයට වසරකට පෙර පවත්වන ලද ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මහ ඇමතිවරයා වශයෙන් පත් කර සිටි අතර ජනවාරි 8 වැනි දින ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු පළාත් සභාවේ බල පෙරළියක් සිදු වී හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමති බවට පත් විය. දැන් නැවත වාරයක් බල පෙරළියක් සිදු වී චාමර සම්පත් දසනායක මහතා මහ ඇමති වශයෙන් පත් කර තිබේ.
මේ අනුව වසරක් තුළ ඌව පළාත් සභාවේ පාලන බලය අවස්ථා තුනකදී වෙනස් වී තිබේ.









