පසුගිය කාලයේ රජය මිලදී ගත් වී තොග සහල් බවට පත් කර වෙළඳ පොළට නිකුත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා එම වී තොග සත්ව ආහාර සඳහා කුණු කොල්ලයට විකුණා දැමීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
මේ වනවිට පැරණි වී තොග විශාල වශයෙන් ගබඩා තුළ තිබෙන බවත් එලෙස ගබඩා පිරී පැවැතිමෙන් යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට හා ගබඩා කිරීමට නොහැකි වීමත් මේ වනවිට අර්බුදයක් බවට පත්ව ඇති බව පැවසේ.
පසුගිය මැතිවරණ සමයේදී තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ආනයනික සහල් මත පනවා තිබූ බදු මුදල් කිසිදු හේතුවන් නොමැතිව ඉවත් කළ අතර එහි වාසිය මහා පරිමාණ සහල් ආනයනකරුවන් යොදා ගනිමින් සහල් තොග පිටින් මේ වනවිට ආනයනය කර වෙළඳ පොළට මුදාහරිමින් තිබේ. එම තත්වයත් සමග මෙවර යල කන්නයේ වී නිෂ්පාදනය විකුණා ගැනීමට ගොවීන්ට නොහැකි වී තිබෙන අතර කුණු කොල්ලයට පෞද්ගලික වෙළඳුන් වී මිලදී ගැනීම් සිදුකරමින් සිටී.
යහපාලන ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව අතුරු අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් 50ක උපරිමයකට යටත්ව රජය වී මිලදී ගැනීම සිදු කරන බවය. එහෙත් මේ වනවිට වී මිලදී ගනු ලබන කිසිදු ස්ථානයක එම මිලට වී මිලදී නොගන්නා බව වාර්තා වේ. එම තත්වයත් සමග තම අස්වැන්නට සාධාරණ මිලක් ලබා ගැනීම වෙනුවෙන් ගොවි ජනතාවට ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ පැවැත්වීමට සිදු වී තිබේ.









