කොටදෙණියාව ප්රදේශයේදී ඊයේ (12) දිනයේදී අතුරුදන් වූ පස් හැවිරිදි දැරියගේ සිරුර නිවස ආසන්නයේ වතු යායක් අසල ඇළ ඉවුරක තිබී අද (13) සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මෙම දැරිය අතුරුදන් වී ඇති බව ඊයේ උදෑසන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායම් හා පොලිස් නිල සුනඛකයින් යොදා ගනිමින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවත් ඊයේ දිනයේ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට අපොහොසත් විය.
අද පෙරවරුවේ එම දැරියගේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී නිරුවත්ව තිබූ බව පැවසේ. මෙය ඝාතනයක් බවට සැක කරන පොලිසිය සැකකරුවන් සොයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පවසයි.
Views: 0









