අනපේක්ෂිත ලෙස ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර තත්වයෙන් මේ වනවිට ජපානයේ පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී ඇතැයි වාර්තා වේ.
ටෝකියෝ අගනුවරට උතුරු දෙසින් පිහිටි ජෝසෝ නගරය මේ වනවිට මුළුමනින්ම පාහේ දැඩි ගංවතුරකට ලක්වී තිබෙන බව පැවසේ. ධාරාණිපාත වර්ෂාවත් සමග ජෝසෝ නගරයේ ප්රධාන ගංගාවක වේල්ල කැඩී යාම හේතුවෙන් මෙලෙස අධික ගංවතුර තත්වයක් ඇති වී තිබෙන අතර පැයට කිලෝමීටර සියය ඉක්මවා අධික සුළං තත්වයක්ද පවතින බව පැවසේ.
මෙම හදිසි ගංවතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා හෙළිකොප්ටර් හා බෝට්ටු යොදා ගෙන ඇති බව පැවසේ. වෙනත් වසරවලදී මෙම කාල සීමාව යනු ජපානයට මෙලෙස අධික වර්ෂාපතනයක් නොලැබෙන බවය. අනපේක්ෂිත මෙම ගංවතුර තත්වයෙන් ජෝසෝ නගරයේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව බවත් ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවත් පැවසේ. ඉදිරි දින කිහිපයේදීත් ජපානයට මෙලෙස වර්ෂාපතනය ඇද හැලෙනු ඇති බවට අනුමාන කෙරේ.












