කූඨ ලේඛන සකස් කරමින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සැකසීම හා ව්‍යාජ ජාතික හැදුනුම්පතක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ශෂී වීරවංසට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන කටයුතු අවසන් කර තිබේ.
අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අද (11) දිනයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව මහේස්ත්‍රාත්වරයා හමුවේ වාර්තා කර තිබේ. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරියේදී ශෂී වීරවංසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතය.
නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් නඩුව කල් තැබූ මහේස්ත්‍රාත්වරයා නඩුව ජනවාරි මස 29 වන දින යළි කැඳවන බව දැන්වීය. අදාළ චෝදනාවන්ට ශෂී වීරවංස වැරදිකරු වුවහොත් කූඨ ලේඛන යොදා ගනිමින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර සැකසීම යටතේ බරපතල දඬුවම් හිමිවන බව නීති විශාරදයෝ පවසති.
Views: 0









