ඇමෙරිකාවේ බොරු ප්‍රහාරයන්ගෙන් අයි.එස්. ත්‍රස්තයින්ට හානි සිදුවී නැති බව හෙළිවෙයි

ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකානු හිතවාදී රාජ්‍යයන් මහා හඬක් නගමින් සිරියාව තුළ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවත් එම ගුවන් ප්‍රහාරයන්ගෙන් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී නොමැති බවට වාර්තාවක් නිකුත් වී තිබේ.

2014 සැප්තැම්බර් 10 දින ආරම්භ වූ අයි.එස් ත්‍රස්තවාදීන්ට එරෙහි ගුවන් ප්‍රහාර අද (10) වන විට වසරක් සම්පූර්ණ කර තිබේ. එම වසර තුළ ගුවන් ප්‍රහාර 6700ක් එල්ල කර ඇති නමුත් එම ප්‍රහාරයන්ගෙන් ත්‍රස්තවාදීන්ට සැලකිය යුතු හානියක් සිදු කිරීමට අසමත් වී තිබේ. ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවත් ත්‍රස්තවාදීන් තම ඉලක්ක කරා ඉතා වේගයෙන් ලඟා වෙමින් සිටින බවට එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් 2014 වර්ෂය අවසන් වන විට අයි.එස්. විරෝධී සටන් පෙරමුණක් ගොඩනැගීමට  ඇමෙරිකානු කොංග්‍රසය යොදවා ඇති බව වාර්තා වේ. එහෙත් එම මුදල් කුමන ආකාරයට යෙදවූවාදැයි යන්න පිළිබඳව බරපතල සැකයක් පවතී. අයි.එස්. ත්‍රස්තවාදීන්ට පහර දීමට 5000කින් සමන්විත භට කණ්ඩායමක් ගොඩ නැගීමට සැලසුම් කරත් එයද අසාර්ථක වී තිබේ.‍ෙ

මෙම අයි.එස්. විරෝධී භටයින් පුහුණුව තුර්කිය, ජෝර්දානය,සෞදි අරාබිය, කටාර් යන රාජ්‍යයන්හි පිහිටා ඇති කඳවුරු යොදා ගනිමින් සිදු කිරීමට සූදානම් වුවත් ඒ සඳහා ඉදිරිපත් වී තිබෙන්නේ සීමිත පිරිසකි. එම පිරිස 200ක් වූ බවත් එයින් 54 දෙනෙකු අයි.එස්. ත්‍රස්තයින්ගේ සැඟවුණු ප්‍රහාර හමුවේ මරුමුවට පත්ව තිබේ.

මේ තත්වය හමුවේ තම සටන් සගයන් පුහුණු කිරීම ඇමෙරිකාව විසින් ආරක්ෂාව තහවුරු කරන තුරු නවතා දමන බව සටන් පෙරමුණේ අණ දෙන නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. මෙවැනි තත්වයක් හමුවේ ඇමෙරිකාව ප්‍රමුඛ රටවක් කුමන ප්‍රචාරයක් ගෙන ගියත් අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහිව ගෙන යන ඇමෙරිකානු ප්‍රහාරයන් ඵලදාරා නැති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn