ඊයේ (09) දිනයේ දිවුරුම් දීමට සම්බන්ධ නොවූ අනුරාධ ජයරත්න හා සාරතී දුෂ්මන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අද (10) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දී තිබේ.
අනුරාධ ජයරත්න මහතා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් සාරතී දුෂ්මන්ත මහතා අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දී තිබෙනවා. තවත් එක් නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ඉතිරි වී තිබෙන අතර ඒ සඳහා ඉදිරියේදී සන්ධානයේ මන්ත්‍රීවරයකු දිවුරුම් දෙනු ඇතැයි පැවසේ.
Views: 0









