මෙරට අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යයන් අතරට අයත් සීනි වෙනුවෙන්, පසුගියදා රජය ආ
නයනික සීනි කිලෝවකට අය කරන බද්ද රුපියල් 12කින් වැඩි කිරීමත් සමග මේ වනවිට වෙළඳ පොළ තුළ සීනි කිලෝකවක මිල ඉහළ යෑමේ තත්වයක් ඇති වීම වැළැක්විය නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.
ලෝක වෙළඳපොලේ සීනි මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයාට ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එම මුදල බද්දක් ලෙස අයකර ගැනීමයි. එසේම සීනි මත පනවන බද්ද රුපියල් 12කින් වැඩි කිරීමත් සමග සීනි කිලෝවක මිල ඉදිරියේදි රුපියල් 10කින් පමණ වැඩි විය හැකි බව සීනි ආනයනකරුවෝ පෙන්වා දෙති.
පැවති රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම යහපාලන ආණ්ඩුවද ලෝක වෙළඳ පොළේ ආනයනික ආහාර ද්‍රව්‍ය මිල පහළ යන විට එහි වාසිය ජනතාවට ලබා දෙනවා වෙනුවට බදු මුදල් ඉහළ දමමින් ජනතාව මත පීඩනය මුදාහැරීමට පටන් ගෙන ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.









