පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානයකවරයාගේ ප්‍රධානයත්වයෙන් අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වී තිබේ.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී. සංවිධානය යන පාර්ලිමේන්තුව පිළිගන්නා දේශපාලන නායකයින් සහභාගී වූ බව පැවසේ.
ඉදිරි පාර්ලිමේන්තු සැසියේ න්‍යාය පත්‍රය පිළිබඳවත් ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීම පිළිබඳවත් සාකච්ඡා වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ලබන 22 වැනිදා කල්තැබීමේ විවාදයක් ඉල්ල තිබේ. රාජ්‍ය සේවයට දේශපාලන හිතවත්කම් මත පත් කිරීම් සිදු කිරීම නතර කිරීම සම්බන්ධයෙන් මෙසේ කල් තැබීමේ විවාදයක් පැවැත්විය යුතු බවට අනුර දිසානායක මහතා ඉල්ලා තිබේ. ඒ සඳහා පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිවී ඇත.
මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවේ කාලය වෙන් කිරීම පිළිබඳවද සාකච්ඡා වූ බව වාර්තා වේ. එහිද ආණ්ඩු පක්ෂයට 70%ක්ද විපක්ෂයට 30% ක කාලයක්ද පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වෙන අවස්ථාවේදී වෙන් කිරීමට එකඟතාවය පළවී තිබේ. විපක්ෂය ලෙස මෙහිදි දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා ඊ.පී.ඩී.පී සංවිධානයට මෙසේ පාර්ලිමේන්තුවේ විවාද සඳහා කාලය හිමි වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව නියෝජනය කරන බැවින් එහි අනෙකුත් පක්ෂ සඳහා කාලය අණ්ඩු පක්ෂයෙන් වෙන් කරගත යුතු බවත් එහිදී අවධාරණය කර තිබේ.









