බැංකුව බින්ද කොල්ලකරුවන් අල්ලන් කැළයක් වටලයි

හංවැල්ල රජයේ බැංකුවකට පැන අද (10) දවල් මුදල් මංකොල්ල කනු ලැබූ කොල්ලකරුවන් මේ වනවිට රණාලේ ජාසිංහමුල්ල කැලයට වැදී ඇතැයි ලැබුණු තොරතුරු මත මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම කැළය වටකර සිටින බව පැවසේ.

බැංකුව කොල්ලකෑමෙන් අනතුරුව කොල්ලකරුවන් ත්‍රිරෝද රථයක් පැහැරගෙන පළා ගොස් තිබූ අතර එම ත්‍රීරෝද රථය මහමග දමා ගොස් තිබියදී සොයාගැනීමට හැකි වී තිබේ. එම සැකකරුවන් පැහැරගත් ත්‍රීරෝද රථයෙන් රණාලේ එලිෆන්ට් හවුස් අයතනය අසලදී බැස රබර් වත්තක් මැදින් ගිය බවට එහි රියදුරා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට මිරිහාන විශේෂ පොලිස් අපරාධ විමර්ශන ඒකකයද එම ස්ථානයට පැමිණ ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn