ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නියෝජ්‍ය ඇමතිවරුන් ලෙද අද (09) දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දු සහ නිමල් ලන්සා අතර අමාත්‍යංශ හුවමාරුවක් වී සිදුවී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකින් අනාවරණය වේ.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන් අතර සංචාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස නිමල් ලාන්සාත් දිවුරුම් දුන් නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටින්නේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නිමල් ලාන්සා මහතාත් සංචාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතාත් කටයුතු කරනු ඇති බවයි.
Views: 0









