දිවුරුම් දෙන තැනට තිදෙනෙක් නැහැ

රාජ්‍ය ඇමතිවරුන් 19 දෙනෙකුත් නියෝජ්‍ය ඇමතිවරුන් 24 දෙනෙකුත් අද (09) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් නමුත් නියෝජ්‍ය ඇමතිවරුන් 24දෙනාගෙන් තිදෙනෙකු එම අවස්ථාවට සහභාගී වී සිට නැත.

එසේ නොපැමිණි නියොජ්‍ය ඇමැතිවරුන් වන්නේ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්,  මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න සහ අධිකරණ නියෝජ්‍ය ඇමැති එස්. දුෂ්මන්ත යන මහත්වරුන්ය. ඔවුන්ගේ නොපැමිනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා නොවේ.

Facebook
Twitter
LinkedIn