ජවිපෙ – වියට්නාම් දේශපාලන සබඳතා තරවෙයි

මේ දිනවල වියට්නාමයේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොමසාරිස්වරයෙකු වන ට්‍රාන් ජාහ් ලොයි (Tran dac loi) මහතා මුණගැසී තිබේ.

එම හමුවේදී දෙරටේම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති අත පක්ෂ දෙක අතර අතීතයේ සිටම පවත්නා දේශපාලන සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකි වී තිබේ.

ලබන වසරේ ජනවාරි මාසයේ පවත්නා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සමුළුව සඳහා සභාගී වන ලෙස එම හමුවේදී ජනතා විමුක්ති පෙරමුණට ආරාධානකර ඇති අතර ජවිපෙ සභාගීත්වය තමන් අපේක්ෂාවෙන් සිටින බවද කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

සුනිල් හඳුන්නෙත්ති මහතා වියට්නාමයට ගොස් ඇත්තේ ඊයේ (08) සහ අද (09) දෙදින තුළ වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියා පැසිෆික් කලාපයේ කියුබානු සහයෝගීතා සමුළුව සඳහා සහභාගී වීම සඳහාය.


Facebook
Twitter
LinkedIn