ජාතික ආණ්ඩුවට දෙක මදිලු

ජතික ආණ්ඩුවක් පිහිටුවීමේ කතාකාවත ඇරඹි මොහොතේ සිට ඇමිති ධුර වැඩිකරගැනීම සඳහා අගමැතිවරයාගේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ මොහොත දක්වාමත් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පැවති දේශපාලන විවාදවලදීත්, ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ලබන්නේ වසර දෙකක් සඳහා පමණක් යැයි  ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එජාප-සන්ධාන මන්ත්‍රීවරුන් පැවසූවද අද (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර සිටියේ මෙම ජාතික ආණ්ඩුව ඉදිරි වසර 05ක කාලය දක්වා බලයේ සිටින බවය.

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා සියළුම මන්ත්‍රීවරුන්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් අමතා මෙම ප්‍රකාශය සිදුකළේ සිය දේශනය අතරතුරය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හැකිනම් හිටපු ඇමැතිවරුනට නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස ක්‍රියා කිරීමට නොහැකියාවක් නැතැයිද එහිදී ජනපතිවරයා අවධාරණයෙන් ප්‍රකාශ කළේය.

වත්මන් එජාප-සන්ධාන ජාතික ආණ්ඩුව කිසිවෙකුටත් කඩා බිඳදැමිය නොහැකි බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn