රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දීමට සියල්ල සූදානම්

ජාතික ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 45 දෙනෙකු අද (09) පස්වරු 02.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දිවුරුම්දීමට නියමිතය.

ඉන් 27 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ඉතිරි 18 දෙනා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්ද දිවුරුම්දීමට නියමිතව සිටී.

ඊට ප‍්‍රථමයෙන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන දිවාභෝජන සංග‍්‍රහයක්ද පැවැත්වෙන බව වාර්තා වේ.

ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ පළමු කොටස ඉකුත් සිකුරාදා දිවුරුම් දුන් අතර අද දිනයේද තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දෙන ලදී.

කැබිනට් මණ්ඩලය 48 නොඉක්මවිය යුතු බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ බැවින් තවත් කැබිනට් ඇමතිවරුන් 3දෙනෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. අනාගතයේදී හදිසි අවස්ථාවක් ඇතිවී තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබාදීමට සිදු වුවහොත් ඒ සඳහා ප්‍රයෝජන ගැනීමට මෙම ඇමති ධුර තුන නිදහස්ව තැබීමට සූදාමක් අති බව ඒ අතර වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn