සරණට ඇප

පසුගිය මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කරන දිනවල ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපටදී තරුණයන් කිහිපදෙනෙකුට පහරදීමේ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

අද (09) ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි‍ කේ. ජයතිලක මහතා ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත සැකකාර ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස විනිසුරුවරයා විසින් පොලීසියට නියෝග කර ඇත.

එසේම සෑම ඉරු දිනකම පෙරවරුවේ ගම්පහ පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසත්, මෙම නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙසත් දැනුම්දී ඇති විනිසුරුවරයා 2016 ජනවාරි මස 25 වන දින නඩුව යළි කැඳවන බවත්, එදිනට සමථ මණ්ඩලයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn