තවත් තුනක් කැබිනට් ඇමති ධුරවල දිවුරති

තවත් කැබිනට් ඇමතිවරු තිදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී මින් මද වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

පසුගිය 04වනදා කැබිනට් ඇමතිවරු 42ක් ජනපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් අතර නව ඇමති ධුර 03ත් සමග කැබිනට් මණ්ඩලය 45ක් වනු ඇත.

ඒ අනුව නව ඇමතිවරුන් වනුනේ…

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – ෆයිසර් මුස්තාෆා.

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය – විජිත් විජයමුණි සොයිසා.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය – මලික් සමරවික්‍රම.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට කැබිනට් ඇමති ධුර 33ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට කැබිනට් ඇමති ධුර 12ක්ද හිමි වී තිබේ.


Facebook
Twitter
LinkedIn