එම්.ජී. ධනුෂ්කට ශරීර ඇප!

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ බයිලා ගායකයකු වූ එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපයීමේ චෝදනාවට ගායන ශිල්පී එම්.ජී. ධනුෂ්ක  රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (09) නියෝග කර තිබේ.

රියැලිටි වැඩසටහනකට ඉදිරිපත් වී එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් සරත් ප්‍රනාන්දු මහතා සිය විරෝධය එල්ල කර තිබිණි. එසේ තිබියදී  එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කිරීම පිළිබඳව එම්.ජී. ධනුෂ්කට රහස් පොලිසියේ වාණිජ අපරාධ අංශයට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම්.ජී. ධනුෂ්කට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප නියම කර තිබිණි.

Facebook
Twitter
LinkedIn