ජාතික ස්කොෂ් ශූරියගෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්!

පස්වන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ මිහිලියා මෙත්සරණි දිනා ගැනීමට ඊයේ (08) සමත් වුණා. ඇයගේ ප්‍රතිවාදියා වුයේ මැලේසියානු ක්‍රිඩිකාවක් වන අතර මිහිලියා හමුවේ 3-0ක් ලෙස ඇය පරාජය වී තිබේ.

මිහිලියා දිනාගත් ලෝකඩ පදක්කමට අමතරව උස පැණීම ඉසව්වෙන් ධම්මික රණතුංග රීදි පදක්කමද ශ්‍රීමාලි සමරකෝන් කිලෝග්‍රෑම් 48 බරපංතියෙන්  රිදී පදක්කම දිනා ගැනීමටද සමත් විය. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලිය 14 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී සිටී. ඒ රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් සමගිනි. තරගාවලිය පැවැත්වෙන්නේ සැමොවාහි රාජ්‍යයේදීය.

Facebook
Twitter
LinkedIn