රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ජ්‍යෙස්ඨ රංගන ශිල්පියෙක් වූ රෙක්ස් කොඩිප්පිලි අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 85 වැනි වියේ පසු වූ ඔහු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.
සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කළ ඔහු චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයක සිය රංග ප්‍රතිභාව පෙන් වූ අයෙකි.
රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.
437










