කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් මහනුවර මහ රෝහලෙන් ඊයේ (24) වාර්තා වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.
කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ සහිත පෙනහළු ආසාදනයකින් ඊයේ ඔහු මිය ගිය බවත් පසුව සිදු කළ PCR පරීක්ෂාවකින් අනතුරුව ඔහු කොවිඩ් 19 ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවත් මහනුවර රෝහල දන්වා තිබේ.
මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක JN.1 කොවිඩ් ප්‍රභේදය පැතිරෙමින් තිබෙන අතර මහනුවර මහ රෝහලෙන් නිල වශයෙන් තහවුරු කර ගත් මෙම කොවිඩ් මරණයත් සමග JN.1 කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
මේ වනවිට දිවයිනේ ඔමික්‍රෝන් JN.1 ප්‍රභේදය පැතිරෙමින් පවතින බවට තමන් අනුමාන කරන බවට ශ්‍ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දරද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.









