මෙදා උත්සව සමයේ ජනතාවට ළූනු බිකක්වත් නෑ – චෞර වලල්ලට කෝටි දහස් ගණනක ලාභයක්

මෙදා උත්සව සමයේ ජනතාවට ළූනු බිකක්වත් නෑ – චෞර වලල්ලට කෝටි දහස් ගණනක ලාභයක්

මෙම උත්සව සමය ආරම්භයත් සමගම මේ දක්වා පොදු ජනතාවට දැරිය හැකි මිලකට ලබාගත හැකිව තිබූ ලොකු ළූනු පවා අහිමි කර ඇති අතර එම වෙළඳපොළේ ඒකාධිකාරය පවත්වාගෙන යන චෞර වලල්ලට රුපියල් කෝටි දහස් ගණනක ලාභ අත් කර දී ඇති බව අනාවරණය වේ.

මේ වනවිට වෙළඳපොළේ ලොකු ළූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ඉක්මවා ඇති අතර පසුගිය සති අන්තයේදී පිටකොටුව තොග වෙළඳපොළේ ලොකු ළූනු කිලෝව රුපියල් 480ක් වී තිබිණි. එහෙත් මෙම තොග මිලට විකුණන ලද්දේ උපරිම වශයෙන් රුපියල් 220ක් වැනි මිලකට ඉන්දියාවෙන් ආනයන කර තොග වශයෙන් රැස් කර තිබූ ලොකු ළූනු බව අනාවරණය වේ.

ඉන්දියාව ලොකු ළූනු අපනයනය සීමා කිරීමේ තීරණ පසුගිය සැප්තැම්බර් මාසයේ ගෙන තිබූ අතර ඒ වනවිට පකිස්තානයේ ලොකු ළූනු අපනයනය විශාල වශයෙන් පවත්වාගෙන ගොස් ඇත. එම ළූනු කිලෝවක් ශ්‍රී ලංකා රුපියල් 160ක් පමණ මිලකට මෙරටට ගෙන්වා ඇති බව වැඩි දුරටත් හෙළි වේ. පකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වල ලද සියලුම ලොකු ළූනු වර්ග කිරීමකින් තොරව මේ වනවිට රුපියල් 600ක සීමාවට සිල්ලර වෙළඳපොළේ විකිණේ.

Facebook
Twitter
LinkedIn