මාලිමාව රළ පිට රළ නගයි – විශේෂ බුද්ධි වාර්තාවක්

මාලිමාව රළ පිට රළ නගයි – විශේෂ බුද්ධි වාර්තාවක්

එළඹෙන නව වසරේදී පවත්වන ඕනෑම ජාතික මැතිවරණයක් ජාතික ජන බලවේගය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව විශේෂ බුද්ධි වාර්තාවකින් ජනාධිපතිට සවිස්තර කරුණු ඉදිරිපත් කර ඇති බව අනාවරණය වේ.

ජාතික ජන බලවේගයේ මෙම ජනප්‍රියත්වය මෙතරම් ශීඝ්‍ර ලෙස වර්ධනය කර ගෙන ඇත්තේ පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ යැයිද එම වාර්තාවෙන් අනාවරණය කර ඇති බව පැවසේ. මෙම තත්වය තවදුරටත් පැවතිය හොත් ඉදිරි මැතිවරණවලදී ඇති විය හැකි තත්වයන් සම්බන්ධයෙන්ද සවිස්තරාත්මකව එහි කරුණු දක්වා ඇති බව කියවේ.

රටේ ගම් දනව්වල මෙයට පෙර සාම්ප්‍රදායික පක්ෂ වෙත නැඹුරු වී සිටි බොහෝ දෙනා ජාතික ජන බලවේගය සමඟ එක්ව සිටින බව අදාළ බුද්ධි වාර්තාවේ සඳහන් කර ඇතයි පැවසේ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරායේ මුද්‍රිත මාධ්‍යද ප්‍රවෘත්ති පල කර තිබේ. අද (24) නිකුත් කළ දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වශයෙන් පල කර ඇත්තේද මෙම බුද්ධි වාර්තාව පිළිබඳ පුවතයි.

Facebook
Twitter
LinkedIn