ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මෙන්ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතම උපදේශකයෙකු වන සාගල රත්නායක කපා හැරීමේ සූදානමක් තිබෙන බව අද (17) දේශය පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් ඉඟි පළ කර තිබේ.
එම ප්‍රවෘත්තියේ සිරස්තලය ලෙස යොදා තිබුනේ “ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට නිහාල් රණසිංහ?“ යනුවෙන් ය. එම සිරස්තලය යටතේ වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරය මේ වනවිට දරන නිහාල් රණසිංහ පත් කිරීමට සූදානමක් ඇති බවයි. එහෙත් සාගල රත්නායක ඉවත් කරන්නේ නම් ඊට බලපෑ කරුණු කිසිවක් එම ප්‍රවෘත්තියේ සඳහන් කර නොතිබිණි.
1,629









