ලබන 2024 අයවැය ලේඛනයෙන් රුපියල් ට්‍රිලියන 3ක් හෙවත් රුපියල් කෝටි තුන් ලක්ෂයක් බාහිර ණය ප්‍රතිව්‍යූහගතකරණය යනුවෙන් වෙන් කර තිබීම අතිශය බරපතළ කරුණක් බව ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙති.
මේ පිළිබඳව ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් අතර පවා බරපතළ සංවාදයක් ඇතිවී තිබේ. එයට හේතු වී තිබෙන්නේ ලබන වසර වෙනුවෙන් රජයේ මුලු ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,164ක් වනවිට බාහිර ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා බව කියමින් රුපියල් බිලියන 3,000ක් වෙන්කර තිබීම කිසිසේත් අදහාගත නොහැකි ආර්ථික විද්‍යාත්මක පදනමකින් තොර කරුණක් වී ඇති බව ය.
මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් මහාාචාර්යවරුන් පෙන්වා දී තිබෙන්නේ බිලියන 3,000ක් යන්න මුද්‍රණ දෝෂයක් විය හැකි බව ය. එහෙත්, අයවැය කතාවෙන් පසුව ලේඛනගත කර තිබෙන ඇමුණුම ii මගින් ඉතා පැහැදිලිව “බාහිර ණය ප්‍රතිව්‍යූහගතකරණය යටතේ රු. බිලියන 3,000ක් ඇතුලත් වේ.“ යනුවෙනි. ඊට අමතරව බැංකු නැවත ප්‍රාග්ධනකරණය සඳහා යැයි කියමින් තවත් රුපියල් බිලියන 450ක් වෙන් කර තිබේ.
මෙම අයිතමයන් සඳහා ම රුපියල් බිලියන 3,450ක් වෙන්කර ඇති බව ඉතා පැහැදිලිව නිරවුල්ව එම ඇමුණුමේ දක්වා ඇත.









