එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවකට මුවා වී ඇති කරගත් හවුල් ආණ්ඩුවේ ඇමැති ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීම සම්බන්ධයෙන්, ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනම තම පක්ෂය විසින් නව පාර්ලිමේන්තුවේ කතානායක තුමාගෙන් එක්දින විවාදයක් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මේ අනුව නව පාර්ලිමේන්තුවේ පළමු විවාදය මෙය වනු ඇත.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46-4 වගන්තිය ප්‍රකාරව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ නම් එහි ඇමැති ධුර ලබාදීම තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගැනීමකින් පසුවය.
මෙලෙස ඇමැති ධුර හුවමාරු කර ගැනීම රටේ සංවර්ධනය වෙනුවෙන් කරන දෙයක් නොව පෞද්ගලිකව ඔවුනොවුන්ගේ බඩ වඩා ගැනීමේ අරමුණ ඇතිව කරන්නක් බව ජවිපෙ සඳහන් කරයි. ඒ පිළිබඳව ජනතාවට සත්‍ය පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බැවින් පාර්ලිමේන්තු විවාදයක් ලබන පළමුවැනිදායින් (සැප්තැම්බර් 01) ආරම්භ වන පාර්ලිමේන්තු සතිය ඇතුළතදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.









