රම්බා විහාර භූමිය එළිපෙහෙළි කරන්නේ අපේ අධීක්ෂණය යටතේ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

රම්බා විහාර භූමිය එළිපෙහෙළි කරන්නේ අපේ අධීක්ෂණය යටතේ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

“රම්බා විහාර පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි – නියෝජ්‍ය කතානායකගේ නමත් කියවෙයි“ යනුවෙන් අප වෙබ් අඩවිය 2023 සැප්තැම්බර් 23 වනදා පල කරන ලද පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතූ අමාත්‍යංශය පවසන්නේ රම්බා විහාර පුරාවිද්‍යා නටඹුන් ව්‍යාප්ත වී පවතින ඒ.පී මහින්ද නැමැත්තා භුක්ති විඳින ඉඩම් කොටසට අදාළ සමස්ත භූමි ප්‍රදේශයම ආවරණය වන පරිදි දැනට පුරාවිද්‍යා ස්ථානද සලකුණු කර ඉඩම නිරාකරණය කර ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී සිදු කරමින් සිටින බවය.

එලෙසම, එකී පුද්ගලයා විසින් ඉඩම නිරාකරණය කර ගැනීම සඳහා එළිපෙහෙළි කර පවිත්‍ර කර ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කර ඇති බවත් පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොවන පරිදි එම කටයුත්ත සිදු කරගෙන යාමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ 2023 සැප්තැම්බර් 22 වන දින සිට එම කාර්යය සිදු වෙමින් පවතින බවත් සඳහන්ය.

එහි අධීක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අමතරව රම්බා විහාර ව්‍යාපෘතියේ නඩත්තු භාර නිලධාරියෙකු මධ්‍යම සංස්කෘතික අරමුදල වෙනුවෙන් යොදවා ඇතැයිද බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතූ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ආශ්‍රිත පුවත්

රම්බා විහාර පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි – නියෝජ්‍ය කතානායකගේ නමත් කියවෙයි

Facebook
Twitter
LinkedIn