රම්බා විහාර පුරාවිද්‍යා භූමියට අයත් ස්මාරක භූමියේ අද (22) දිනයේ අනවසරයෙන් නීති විරෝධි ලෙස ඩෝසර් යොදා ගනිමින් විනාශ කරමින් පවතින බව වාර්තා වේ.
මේ සඳහා හම්බන්තොට කලාප භාර පුරා විද්‍යා නිලධාරි සුමේධ නැමැත්තා සහ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ හවුල් වී සිටින බවත් ප්‍රදේශ වාසීහු පෙන්වා දෙති. ඔවුහු පවසන්නේ රම්බා විහාර පුරාවිද්‍යා භූමියට අක්කර 200ක් පමණ අයත් බවත් ඉන් අක්කර 25ක පමණ ඉඩම් කොටසක් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන මහින්ද නැමැත්තාට අයත්ව ඇති බවත් එම ඉඩම මෙලෙස වැලි ජාවාරම් සඳහා ඩෝසර් කරමින් පවතින බවත්ය.
මෙම පුරාවිද්‍යා භූමිය ගැසට් පත්‍රය අනුව පිහිටා ඇත්තේ රම්බා විහාරය සහ පුරාවිද්‍යා භූමිය දකුණු පලාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරිවාපත්තුවේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ අංක 184 දරන රොටේ ග්‍රාම නිලධාරී වසමට අයත් උඩරොට මාමඩල ග්‍රාමයේ වලවේ ගඟට යාබදවය.
ගැසට් පත්‍රය අනුව එම පුරාවිද්‍යා භූමිය මායිම් වන්නේ උතුරින් පැරණි මාමඩල ඇලේ කොටසද බටහිරින් මාමඩල ඇලද දකුණින් වැලි පාරද නැගෙනහිරින් වලවේ ගඟද වශයෙනි.
මීට පෙරද මෙම භූමියේ අක්කර 75 පමණ ප්‍රමාණයක් මෙලෙස ඩෝසර් කර වැලි ජාවාරම් කර ඇති බවත් ඒ සඳහාද මැදිහත්වී ඇත්තේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ බවත් වැඩිදුරටත් වාර්තා වේ.













