ලංකාව වසර කිහිපයක සිට මුහුණ දෙමින් තිබෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ මෙරට ළදරු උපත් ප්‍රමාණය අඩු වෙමින් පවතින බවත් ඉදිරියේදී රට පුරා පාසල්වල පන්ති කාමරවල දරුවන් අඩු වීමේ අවදානමක් මතු විය හැකි බවත් එයින් රටේ ශ්‍රම බලකායේ අර්බුදයක් මතු විය හැකි බවත් අධ්‍යාපන බලධාරීහු අනතුරු අඟවති.
රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනුවද වාර්තා වන්නේ රටේ ලියාපදිංචි කෙරෙන උපත් සංඛ්‍යාව අඩු වෙමින් පවතින බවය.
පසුගිය 2021 වසරේ ලක්ෂ 03 ඉක්මවා ලියාපදිංචි කර තිබූ උපත් සංඛ්‍යාව පසුගිය 2022 වසරේදී දෙලක්ෂ හැත්තෑ පන්දහස (275,000) දක්වා අඩුවී තිබූ බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
Views: 0









