වංචාකාරි පිළිකා එන්නතට අදාළව සියලු වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි – වෛද්‍ය ජයන්ත බණ්ඩාර

වංචාකාරි පිළිකා එන්නතට අදාළව සියලු වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි – වෛද්‍ය ජයන්ත බණ්ඩාර

ප්‍රමිතියෙන් ඖෂධය වෛද්‍ය සැපයීම් අංශයට සැපයු Isolez Biotech Pharma AG සමාගම විසින් ලබා දුන් Rituximab 500mg පිළිකා එන්නත් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදි එම වංචාවට සෘජුව සම්බන්ධ බොහෝ පිරිසක් තවමත් නිදැල්ලේ පසු වන බවත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වංචාවේ පහළම තැන් කිහිපයක් පමණක් බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ කූට ලේඛන සකස් කළ ඉන්දියාව සමාගමක් බවත් මෙම සමාගම සැබැ අයිතිකරුවො කවුරන්දැයි හෙළි කළ යුතු බවත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සමාගම පිළිබඳ දන්නා එක පුද්ගලයෙකු පමනක් බවත් ඔහු පෙන්වා දෙයි.

එම ඖෂධ නිෂ්පාදනය සඳහා රුදිර ප්ලාස්මා ලබා දී ඇත්තේ නරාහෙන්පිට ලේ බැංකුවෙන් බවත් නරාහෙන්පිට ලේ බැංකුවෙන් මෙම සමාගමට රැධිර ප්ලාස්මා ලබා දුන්නෙ කවුරුන්ද යන්නත් ඔවුන් අතඩන්ගුවට නොගන්නේ මන්ද යන්නත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප්‍රශ්න කළේය.

ප්‍රසම්ප්‍රාදන මණ්ඩලයේ සිටියේ කවුරුන්ද යන්නත් ඔවුන් අතඩන්ගුවට නොගන්නේ මන්ද යන්නත් තාක්ෂණික ඇගයිම් කමිටුවෙ සිටි පුද්ගලයින් කවුරුන්ද යන්නත් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ යටි ගනුදෙනු කප්පම්ක් සිදුව ඇද්ත යන්නත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප්‍රශ්න කරයි.

වෛද්‍ය සැපයුම් අංශයේ 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඖෂධ බාර ගත් පිරිස පමණක් අත්අඩංගුවට ගන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරයේ මෙම ඖෂධ නිර්දේශ කළ පිරිස අදාල කර නොගන්නෙ මැන්දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය. ජාතික නියාමන ඖෂධ අදිකාරිය මෙම වංචාවට අදාල නොවන බව පවසන බවත් මෙම වංචාවට අදාලව වගකිවුයුතු බොහෝ පිරිසක් සිටියදී අගින් පමණක් අල්ලගෙන නාටකයන් පෙන්වමින් සිටින බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අවධාරණය කරයි.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ විමර්ශන අංශය සහ කොළඹ අපරාධ කොට්ටාශය මෙම වංචාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය දෙස තමන් වෛද්‍ය වෘත්තීය සමිතියක් ලෙස බලා සිටින බවත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ පහත් තැනින් ජලය ගලා යෑමක් ඔහු සඳහන් කළේය.

මෙම වන්චාට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුය ගත යුතු බවත් රටට නාටකයන් පෙන්වා නොමග යැවීමට වන සූදානමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අභියෝග කරන බවත් ඇත්ත හොරු අතඩන්ගුවට ගෙන විමර්ශන කළ යුතු බවත් මෙම සිද්ධිය යට ගැසීමට සූදානම් නොවන ලෙසත් ඔහු එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අවධාරණය කළේය.

මේ අතර රෝහල්තුළ සය වෛද්‍ය අධ්‍යාපනයේ පවතින ගැටළු සම්බන්ධයේන අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ විශේෂයෙන් මේ වනවිට සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය පීටයක් නැති බවත් රෝහල්වල වෛද්‍යවරු පැය 14ක් එක දිගට වැඩ කළත් වැටුප් ගෙවන්නෙ පැය 10කට පමණක් බවත්ය.

වෛද්‍යවරු රෝහල් තුළ වැඩ කරණ පැය ගානට ගෙවීමේ ක්‍රමවේදයකට යා යුතු බවත් එසේ නොවන්නේනම් වෛද්‍යවරුන් රට හැර යාම නතර කළ නොහැකි බවත් මස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර තවදුරටත් අවධාරණය කළේය.

Facebook
Twitter
LinkedIn