අතුරුගිරිය ස.තො.ස වෙළඳ සැලේ බඩු රාක්කයේ සිට මුදල් ගෙවීමේ කවුන්ටරයට යවන අතරතුර ගත වූ තත්පර කීපයේදී පැකට් කරන ලද දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ යෑමේ සිද්ධියක් වාර්තා වේ.
මාධ්යවේදීයෙකුද වන පාරිභෝගිකයෙකු සීනි කිලෝ දෙකක් මිලට ගැනිමට එම සතොසට ඊයේ (23) සවස ගොස් අති අතර ඔහු එම සතොස ආයතනයට ගොස් කිලෝ එකේ දුඹුරු සීනි පැකට්ටු දෙකක් අතට ගෙන සේවකයෙකුගෙන් මිල විමසු විට ඔහු පවසා ඇත්තේ අදාළ මිල පැකට්ටුවේ සඳහන් කර ඇති බවය. ඔහු කී පරිදි පැකට්ටුවේ රුපියල් 350 ලෙස සඳහන් කර තිබී ඇත.
ඒ අනුව පාරිභෝගිකයා සීනි පැකට් දෙක මුදල් ගෙවීමේ කවුන්ටරයට ඉදිරිපත් කළ අවස්තාවේ එහි මුදල් අයකැමිවරිය වහා වෙනත් නිලධාරියෙකු හමුවට ගොස් ආපසු පැමිණ අද සීනි කිලෝවක මිල රුපියක් 385 දක්වා ඉහළ ගොස් ඇති බව පවසා ඇත. ඒ අනුව පාරිභෝගිකයට රුපියල් 770ක් ගෙවීමට සිදුවී තිබේ.
Views: 0









