පාස්කු අපරාධය වහන්න ගැසූ කුමන්ත්‍රණයේ තවත් පියවරක් එළියට

පාස්කු අපරාධය වහන්න ගැසූ කුමන්ත්‍රණයේ තවත් පියවරක් එළියට

ජාතික ආර්ථිකය බිඳ දැමීම සම්බන්ධයෙන් වැරදි කරුවන් වී සිටින රාජපක්ෂලා වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවලින් මග හැර යාම සඳහා ගෙන ගිය කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග එකිනෙක හෙළි වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් හෙළි වී තිබෙන නවතම තොරතුර වන්නේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එවකට පත් කර තිබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ 2019 ජූලි 10 වෙනි දින සාක්ෂි දුන් එවකට නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බව හෙළිවේ. සහරාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් පාස්කු ප්‍රහාරය එල්ල කරන තුරු නිකුත් කර නොතිබූ බව නියෝජ්‍ය පොලිස්පති එම කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

එහෙත් සහරාන් කල්ලිය පිළිබඳව කාත්තන්කුඩි පොලිසියට 2017 මාර්තු 10 දින පැමිණිලි කළ පලනි බබා නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2017 ජුනි මාසයේදී වරෙන්තු නිකුත් කර තිබිණි. ඒ බව සඟවමින් නියෝජ්‍ය පොලිස්පති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ව්‍යාජ කරුණු දක්වා ඇත. එමෙන්ම පලනි බබා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහරාන්ගේ සොහොයුරෙකු වන රිල්වාන් විසින් පිල්ලෙයාන් කණ්ඩායමේ සිටි මොහොමඩ් හුසේන් යනුවෙන් ව්‍යාජ නමකින් හඳුන්වන පුද්ගලයාට භාර දී තිබූ බව හෙළි වේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන නොකරණ ලෙස නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර කාත්තන්කුඩි පොලි ස්ථානයට දන්වා තිබුණද, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශන අනුව එම ඝාතනය සඳහා යොදා ගෙන තිබූ T56 ගිණිඅවිය හමුදාවට අයත් එකක් බව තහවුරු කරගෙන තිබිණි. එම අවිය ඇතුළු අවි ගණනාවක් ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස සිටි සමයේ සහරාන් කල්ලියට ලබා දී තිබූ බව වැඩිදුරටත් සොයාගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn