අයවැය දෙවනවර ඡන්ද විමසීම අද

අයවැය දෙවනවර ඡන්ද විමසීම අද

පසුගිය 15 වනදා ආරම්භ කළ 2024 සඳහා වන අයවැය විවාදයේ 07 වන දිනය අද (21) වන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ 06ට පැවැත්වේ.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මේ වනවිට ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අයවැයට විරෝධය ප්‍රකාශ කර තිබේ. එහෙත් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අයවැය සම්බන්ධයෙන් ධනාත්මක අදහස් දැක්වීමක්ද සිදුකර ඇත. එමෙන්ම පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද අයවැයට පක්ෂවත් තවත් මන්ත්‍රීවරු පිරිසක් අයවැයට විරුද්ධවත් මද දක්වනු දකන්ට ලැබිණි.

Facebook
Twitter
LinkedIn