මෙන්න රනිල්ගේ තවත් ආර්ථික ජයග්‍රහණයක්

මෙන්න රනිල්ගේ තවත් ආර්ථික ජයග්‍රහණයක්

රටේ ආර්ථිකය ගොඩනැන්වූ බව කියන ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ යටතේ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

විශේෂයෙන්ම වෙළඳ හා වාණිජ ඇමති ඉදිරිපත්කර ඇති අකරුණු අනුව මෙසේ සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. උත්සව සමයට අවශ්‍ය සහල් ප්‍රමාණවත් නොවුනහොත් මෙම මෙට්‍රික්ටොන් ලක්ෂයට අමතරවද සහල් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසා ඇත.

මේ වනවිට රටේ කර්මාන්ත ක්ෂේත්‍රය සහ ඉදිරිකිරීම ක්ෂේත්‍රය විශාල වශයෙන් බිඳවැටී තිබෙන අතර සහල් නිෂ්පාදනයද ඒ මට්ටමට කඩා වැටීමට ඉඩ හැර රටේ ආර්ථිකය ගොඩගෙන ඇති බව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රචාරය කරමින් සිටිති.

මහ බැංකුවේ නිල දත්ත අනුව මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලය තුළ රුපියල් මිලියන අසූදහස් තුන්සිය හතලිහක (රු.මි 80,340) එළවළු ආනයනය කර ඇති බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn