හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආර්යාව හේමා ප්‍රේමදාස ජනාධිපති කාර්ය මණ්ඩලය තීරණය කිරීමේදී සිදු කළ බලපෑම් පිළිබඳව ජීවමාන සාක්ෂියක් මව්බිම පුවත්පත හෙළි කර තිබේ.
එම පුවත්පතේ අද (12) නිකුත් කර තිබෙන “විජේවීර ඝාතනය ගැන රංජන් විජේරත්නගේ ලේකම් පළමුවරට කරන හෙළිදරව්ව” යන සිරස්තලයෙන් යුත් සම්මුඛ සාකච්ඡාවෙන් මේ පිළිබඳව කෙරුණු හෙළි කර ඇත. ජනාධිපති මාධ්‍ය ලේකම්වරියක ලෙස කටයුතු කළ ලක්ෂ්මී පිරීස් සමග එම පුවත්පතේ මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මෙම සාකච්චාව කර තිබිණි.
මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මෙම ප්රස්තුතය පිළිබඳව නගා තිබූ ප්රශ්නය සහ එයට හිටපු ලේකම් ලබා දී තිබූ පිළිතුරු මෙසේය.
ප්රශ්නය – ජේ.ආර් ජයවර්ධන ජනාධිපති තනතුරෙන් ඉවත්වුනාට පස්සේ ඔබට මොකද වුනේ?
පිළිතුර – මා ගැන තීරණයක් ගන්නකම් මම ජනාධිපති ලේකම් කාර්යාලයේම හිටියා. ජනාධිපති ප්‍රේමදාස මා ගැන හොඳට දන්නවා. නමුත් හේමා ප්‍රේමදාස කැමති වුනේ නෑ මම ජනාධිපති ප්‍රේමදාස ලඟ වැඩ කරනවාට. මාව යවන්නම කියලා හේමා නිලධාරීන්ට කරදර කරන්න පටන් ගත්තා. පස්සෙ මාව ජාතික ආරක්ෂක ඇමති රංජන් විජේරත්න ගාවට මාරු කළා.
යනුවෙන් පිළිතුරු දී තිබිණි.










