දීපාවලී උත්සවය අදයි

දීපාවලී උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවාකාරයෙන් සමරන නව සඳ උදා වීමට සමගාමීව යෙදෙන දීපවාලී උත්සවය හරහා අයහපත පරදා යහපතත් අදුර පරදා ආලෝකය උදා වීමත් සංකේතවත් කරන දීපාවලී උත්සවය අදට (12) යෙදී තිබේ.

හින්දු සාහිත්‍යයේ එන විශ්නු දෙවිඳුන් නරගාසුරන් නැමති අසුරයන් පරාජය කිරීම සංකේතවත් කිරීම සහ අඳුරෙන් ආලෝකයට පැමිනීම සිහිපත් කරමින් හින්දු භක්තිකයන් දීපාවලී දිනය සැමරීම සිදුකරයි.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සළසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්ය.

එසේම මියගිය තම ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වල ගිතෙල් පහන් දල්වා වතාවත් සිදුකිරීම, රස කැවිලි අනුභව කිරීම ආදී චාරිත්‍ර විධි ගණනාවක් දීපාවලී දිනයදා සිදුකෙරෙයි.

Facebook
Twitter
LinkedIn