සාගල රට සවාරියට ගෙනයන රොත්ත වෙනුවෙන් මහජන ධනය කෝටි 11ක්

සාගල රට සවාරියට ගෙනයන රොත්ත වෙනුවෙන් මහජන ධනය කෝටි 11ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරවල යෙදෙන බව පවසමින් ලෝකය පුරා යන ගමන්වලට සාගල රත්නායක ගෙනයන අතර ඔහු යටතේ තවත් විශාල පිරිසක් රැගෙන යමින් මේ වනවිට රුපියල් කෝටි 11කට අධික මහජන ධනයක් වැය කර ඇති බව අනාවරණය වේ.

විශේෂයෙන්ම පසුගිය මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමරිකාවේ සංචාරයේ යෙදුණ අවස්ථාවේ සාගල රත්නායක අවම වශයෙන් ඔහුගේ පුද්ගලයින් 06 දෙනෙකුද මෙම සංචාරයට එක්කරගෙන ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 11කට අධික මුදලක් ජනාධිපති වැය ශීර්ෂයෙන් වියදම් කර ඇති බව හෙළි වේ. මෙම සංචාරය සඳහා සහභාගී කර ගත් සියලුම දෙනා දෙනියායේ පුද්ගලයින් බව වැඩිදුරටත් හෙළි වේ.

සාගල රත්නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මේ ආකාරයෙන් මහජන ධනය සීමාන්තිකව අවභාවිතා කරමින් සිටින එක් ආකාරයක් පමණක් මෙලෙස හෙළි වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn