ඡන්දය නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් – මහින්ද දේශප්‍රිය

ඡන්දය නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් – මහින්ද දේශප්‍රිය

මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් පාලන ආයතන ඡන්දය මෙන්ම පළාත් සභා ඡන්දය දිගින් දිගටම කල් දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මෙන්ම, මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් යෑමට සීමා නිර්ණය කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවත් ඔහු පවසයි.

ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල් දැමීමේ හැකියාවක් නොමැති බවත් ලබන වසරේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයේ ඡන්දය පැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ. ප්‍රමාද කරන්නත් බැහැ. 2024 සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර පවත්වන්නම ඕනේ.” යැයි ඔහු එහිදී පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn