නත්තලට – අවුරුද්දට සීනි හිඟයක් ඇතිවෙන ලකුණු! – කිලෝවකින් 40ක් පාඩුයි – ආනයනකරුවෝ කියති

නත්තලට – අවුරුද්දට සීනි හිඟයක් ඇතිවෙන ලකුණු! – කිලෝවකින් 40ක් පාඩුයි – ආනයනකරුවෝ කියති

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 275ක උපරිම සිල්ලර මිලට සීනි අලෙවි කිරීමෙන් රුපියල් 40ක පාඩුවක් සිදු වන බව පසුගිය 08 වෙනිදා වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු සහ සීනි ආනයනකරුවෝ අතර පැවති සාකච්ඡාවකදී එම ආනයනකරුවෝ වෙළඳ ඇමතිට දැනුම් දී තිබේ.

ආනයනකරුවෝ පෙන්වා දී ඇත්තේ ඩොලරය ඉහළ යාම සහ සීනි කිලෝවකින් රුපියල් 40ක පාඩුවක් සිදු වීම නිසා ඉදිරි සීනි ඇණවුම් අවලංගු කිරීමටද සිදුව ඇති බවයි. එම තත්වය මත නත්තල් සහ අලුත් අවුරුදු සමයේ රට තුළ සීනි හිඟයක් ඇති විය හැකි බවද ඔවුන් අනතුරු අඟවා ඇත.

මේ වනවිට සීනි ආනයනකරුවන් සතුව ඇත්තේ සීනි මෙට්‍රික්ටොන් තිස් දහසක් පමණකැයිද දෛනික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2000ක් පමණ වෙතැයිද දැනට ඇති සීනි තොගය ප්‍රමාණවත් වන්නේ දෙසතියකට පමණක් යැයිද ආනයනකරුවෝ ඇමති හමුවේ පවසා තිබේ.

මුදල් අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සීනි කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ ශත 25ක බද්ද රුපියල් 50 දක්වා වැඩි කළ අතර එවකට රුපියල් 250ක්ව පැවති සීනි තොග මිල මේ වනවිට රුපියල් 315 දක්වා වැඩි වී ඇත.

Facebook
Twitter
LinkedIn