නුවරඑළියේ තැපැල් කාර්යාලයට ගිය නාමල් කරුණාරත්න

නුවරඑළියේ තැපැල් කාර්යාලයට ගිය නාමල් කරුණාරත්න

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ඉතාමත් පෞරානික මෙන්ම අලංකාර ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා අයෝජකයෙකුට විකිණීමට අවශ්‍ය බවත් වාහම එම ස්ථානයෙන් වෙනත් ස්ථානයක් වෙත යන ලෙසත් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තැපැල්පතිවරයාටද තර්ජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වමේදී ප්‍රකාශ කරන ලදී.

ඉන් පසු මේ සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර ඊයේ (06) මෙම තැපැල් කාර්යාලයට ගිය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න. ජනාධිපති රනිල් වික්‍රමසිංගේ මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය පල කළ අතර එම ස්ථානට විදේශිකයන් සමග පැමිණෙන මග පෙන්වන්නන් සමගද සාකච්ඡාවක නිරත වී තිබේ.

Facebook
Twitter
LinkedIn