අභියාචනාධිකරණ නියෝගයෙන් ක්‍රිකට් අතුරු පාලක කමිටුව අත්හිටුවයි

අභියාචනාධිකරණ නියෝගයෙන් ක්‍රිකට් අතුරු පාලක කමිටුව අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටුවා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පත් කළ අතුරු පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බලමිණි.

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නියෝගයක් ඉල්ලා ඔහු මෙම පෙත්සම අභියාචනාධිකරණයේ ගොනු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn