වර්ෂාවෙන් යාපනයට දැඩි බලපෑම්

වර්ෂාවෙන් යාපනයට දැඩි බලපෑම්

මේ දිනවල රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් උතුරු පළාත තුළ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් පහත් බිම් මෙන්ම ගොවිතැන් කටයුතුවලටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලටද බාධා එල්ලවී ඇති අතර වව්නියාව, යාපනය, මුලතිව්, මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලට මෙලෙස දැඩිව වර්ෂාව ඇදහැලෙමින් පවතී.

මෙවර මාස කන්නයේ වගා කළ කුඹුරු ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් ජල ගැලීම්වලට හසුවී ඇති අතර ඉන් ගොවි ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

මාර්ගවල ගමන් කිරීමේදී අයහපත් කාලගුණ තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් සහ පදිකයින්ගෙන් ඉල්ලා සිටී.

Facebook
Twitter
LinkedIn