ක්‍රිකට් පරිපාලනය අර්ජුන අතට – විජේදාසගේ පුතත් ඒ අතර

ක්‍රිකට් පරිපාලනය අර්ජුන අතට – විජේදාසගේ පුතත් ඒ අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත්කර ඇති අතර එහි සභාපතිත්වය හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට ලබා දී ඇත.

එමෙන්ම එහි සාමාජිකත්වය සඳහා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂද පත් කර තිබේ.

ඊට අමතරව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු රෝහිණී මාරසිංහ, හිටපු මහාධිකරණ විණිසුරු අයිරාංගනී පෙරේරා, නවලෝක සමූහ ව්‍යාපාරයේ සම සභාපති මෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ හිටපු සභාපතිවරයෙකුද වන උපාල ධර්මදාස සහ රවී කරුණානායක විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති සමයේ පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ මොහොමඩ් හිශාම් ජමාල්ඩීන් යන පිරිස ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට පත් කර ඇත.

මෙලෙස අතුරු පාලක කමිටුවක් පත්කර ඇත්තේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ලැබී ඇති බලතල අනුව වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතුද අත්හිටුවා තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn