ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත පර්සි අබේසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරු 04.30ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.
මේ වනවිට බොරැල්ලේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙන ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් එක් වෙමින් සිටිති.
පර්සි අබේසේකර දශක 04ක් පමණ කාගයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙස කටයුතු කළ ඔහු මියයන විට 87 වැනි වියේ පසුවිය.
Views: 0










