බොරැල්ල ළමා රෝහලේ අධ්‍යක්ෂ ගැන අධිකරණය පොලිසියට දුන් නියෝගය

බොරැල්ල ළමා රෝහලේ අධ්‍යක්ෂ ගැන අධිකරණය පොලිසියට දුන් නියෝගය

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල තුළදී වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගෙ මරණය සම්බන්ධ වෛද්‍ය වාර්තා පොලිසියට ලබාදීම දිගින් දිගටම ප්‍රමාණ දරමිවන් අධිකරණය නියෝගය කඩ කරන්නේනම් වහාම රෝහල් අධ්‍යක්‍ෂ අධිකරණයට කැඳවිය යුතු බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය බොරැල්ල පොලිසියට ඊයේ (11) නියෝග කර තිබේ.

බොරැල්ල පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ මරණයට පත් දරුවාගේ සියලුම වාර්තා ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් මෙතෙක් එම වාර්තා ලබා දී නොමැති බවය. අදාළ නඩු විභාගය පවත්වා ගෙන යාමේදී සාක්ෂිකරුවන්ට, අදාළ පරීක්ෂණ වාර්තා පෙන්වා සාක්ෂි ලබා ගැනීමට අවශ්‍යව ඇතැයිද පොලිසිට අධිකරණයට පැහැදිලි කර ඇත.

එම වෛද්‍ය වාර්තා නොතිබීම හේතුවෙන් නඩුවට බාධා පැමිණෙන බව තීන්දු කර ඇති මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය වැඩිදුරටත් බොරුල්ල පොලිසියට නියෝග කර ඇත්තේ, පොලිසිය විසින් එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා අධිකරණයේ නියෝග මත එම වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවත් වාර්තා රෝහලෙන් ලබා නොදෙන්නේ නම් රෝහල් අධ්‍යක්ෂ අධිකරණයට කැඳවිය යුතු බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්