රනිල් චීනයට යන්නේ ඉන්දියාවට ලංකාවේ ඇඟ බැඳලා

රනිල් චීනයට යන්නේ ඉන්දියාවට ලංකාවේ ඇඟ බැඳලා

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමති එස් ජයසංකර් සමග ප්‍රධාන ගිවිසුම් තුනකට ශ්‍රී ලංකාව අත්සන් කර මෙරට ආර්ථිකය සහ ජන ජීවිතයට ඍජුව බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් බැඳීම්වලට යටත්වීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනය බලා යයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර තිබෙන නිවේදනය අනුව ප්‍රධාන ගිවිසුම් තුනක් ඉන්දියාව සමග අත්සන් කර තිබේ. එම නිවේදනයෙන් දක්වා තිබෙන ආකාරයට විශේෂ ව්‍යාපෘති 9ක් සඳහා වන ගිවිසුමක්, වතු නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා එක් නිවාසයකට රුපියල් මිලියන 2.8 ක් බැගින් ලබාදීමේ ගිවිසුමක් සහ දේශීය කිරි කර්මාන්තය සම්බන්ධ ගිවිසුමක් අත්සන් කර තිබේ.

මෙම ගිවිසුම් තුනම ඍජුවම මෙමරට ජන ජීවිතය හා බද්ධවී තිබෙන ඒවා බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදය තුළින් පැහැදිලි වේ. මේ ලෙස ඉන්දියාව සමඟ ඍජුවම ජන ජීවිතයට බලපාන ගිවිසුම් අත්සන් කිරීමට පෙළඹී තිබෙන්නේ ඩොලර් බිලියන 4 ඉක්මවූ ක්ෂණික ණය පහසුකම් පසුගිය වසර තුළදී ලබාගැනීමෙන් පසුව ය. එසේම, චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා ගෙන තිබෙන ණය ප්‍රතිව්‍යූහගත කර දීමට එම බැංකුවේ පාලන අධිකාරිය කැමැත්ත පළකර ඇතැයි මේ දිනවල මාධ්‍ය වාර්තාවලින් කියවේ.

ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මෙතනින්

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්