නේපාල ක්‍රිකට් කණ්ඩායම 20 විසස් ක්‍රිකට් ලෝක වාර්තා රැසක් සියතට ගනී

නේපාල ක්‍රිකට් කණ්ඩායම 20 විසස් ක්‍රිකට් ලෝක වාර්තා රැසක් සියතට ගනී

නේපාල ක්‍රිකට් කණ්ඩායම විසින් 20 විස්ස ක්‍රිකට් තරගයකදී වාර්තා පිට වාර්තා බිඳ දැමීමට සමත් වී තිබෙනවා. ඒ ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ මොංගෝලියා කණ්ඩායම සමඟ පැවති තරඟයේදීය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු තුනක් දැවී ලකුණු 314ක දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට සමත් විය. එය මෙතෙක් 20-20 තරගවලදී කණ්ඩායමක් විසින් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිඳ දැමූ අතර නේපාල කණ්ඩායමේ කුසල් මල්ලා පන්දු 50 කදී නොදැවී ලකුණු 137ක් ලබාගත් අතර ඔහු ලකුණු සියය ලබා ගත්තේ පන්දු 34කිනි. එය 20-20 තරගවල මෙතෙක් පැවැති ලොව වේගවත්ම ශතකයේ වාර්තාව බිඳ දැමීමට සමත් විය. පන්දු 50කට ඔහුගේ ඉනිමට හයේ පහර 12ක් සහ හතරේ පහර 08ක් ඇතුළත් විය.

එසේම නේපාල කණ්ඩායමේ දිපේන්ද්‍ර සිං පන්දු නවයක් තුළ වේගවත් ලකුණු 50ක් වාර්තා කරමින් ලොව වේගවත්ම 20-20 අර්ධ ශතකයද වාර්තා කිරීමට සමත් විය. එහිදී ඔහු හයේ පහර 08ක් එල්ල කිරීමට සමත් විය. ඊ‌ට අමතරව නායක රෝහිත් පවුඩෙල් පන්දු 27කට ලකුණු 61ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට හයේ පහර 06ක් සහ හතරේ පහර දෙකක් ඇතුළත්ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොංගෝලියා කණ්ඩායම පන්දුවාර 13 එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කලේ ලකුණු 41ක් පමණි. ඒ අනුව ලකුණු 273 දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට නේපාල කණ්ඩායම සමත් විය. නේපාල කණ්ඩායම පන්දුවාර 20 තුළදී දැවැන්ත හයේ පහර 26ක් සහ හතරේ පහර 14ක් එල්ල කිරීමට සමත්ව තිබෙනවා.

Facebook
Twitter
LinkedIn