රනිල් – IMF ඍජු සාකච්ඡා ගැන සැඟවූ තොරතුරු රොයිටර් හෙළිකරයි

රනිල් – IMF ඍජු සාකච්ඡා ගැන සැඟවූ තොරතුරු රොයිටර් හෙළිකරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් අතර පසුගිය 26 වෙනිදා පැවැත්වූ සාකච්ඡා පිළිබඳව තොරතුරු මෙරට මාධ්‍යයට හෙළි නොකර තිබුණද රොයිටර් පුවත් සේවය අනාවරණය තිබිණි.

එම පුවත් සේවය වාර්තා කර තිබුණේ දෙපාර්ශවය අතර එකඟතාවයන්ගෙන් තොරව සාකච්ඡා අවසන් වූ බව ය. විශේෂයෙන් මාසික වැටුප් ලබන්නන්ගෙන් අය කර ගන්නා ඍජු බදු 36%ක් දක්වා අති විශාල අනුපාතයක් වී තිබීමත් බදු අය කරන සීමාව මාසික ආදායම රුපියල් ලක්ෂයක් දක්වා ඉතා අවම මට්ටමක තිබීමත් මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සිදු කර ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ අප්‍රසාදය ජනාධිපතිට පළ කළ බවත් වාර්තා කර තිබේ.

ඊට අමතරව, මේ වනවිට ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ ජනතාව ඍජුවම පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග සියල්ල මූල්‍ය අරමුදල මත පැටවීම පිළිබඳවද එම නියෝජිතයින්ගේ අප්‍රසාදය පළ කර ඇතැයි රොයිටර් අනාවරණයේ දැක්වේ. කවදුරටත් දැක්වෙන්නේ ඉන්ධන මිල ස්ථායිකරණය අරමුණු කර ගෙන සමාගම් කීපයක් අතර තරඟකාරීත්වයක් ඇති කිරීමට කටයුතු කිරීමත් රාජ්‍ය ආයතන විකිණීමට පියවර ගැනීමත් අරමුදලේ පැසසුමට ලක් වූ බව ය.

Facebook
Twitter
LinkedIn